24 November, 2009

ලංකාවේ broadband ...


මේ ලංකාවේ broadband සම්බන්ධතා වල තත්ත්වය ගැන කෙරුණු නිරීක්ෂණයක්.


අවුලක් නෑ. ඉන්දියාවෙත් එහෙම තමයි.


Link එක බලන්න

19 November, 2009

සරත් අඹේපිටිය ඝාතනයට වසර පහයි !!!

ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය සාහසික ලෙස ඝාතනය කොට අද දිනට වසරක් සපිරේ. මේ බව මා දුටුවේ ඔහුගේ පවුලේ ඥාතීන් විසින් පළ කර තිබුණු දැන්වීමක් දැකීමෙනි.

 අපේ රටේ නීතියේ පරමාධිපත්‍යයට එල්ල වුණු දරුණුතම අභියෝගය මුස්ලිම් මත්දුව්‍ය ජාවාරම්කරුවන් අඹේපිටිය ඝාතනය කිරීමේ සිද්ධියය.

ජාතික ව‍ශයෙන් රට පවතින අන්තරාදායක තත්ත්වය කෙතරම් ද යන්නත් සුලු ජාතියක් වශයෙන් මුස්ලිම් ජාතිකයන් තමන්ට අභියෝගයක් වන පුද්ගලයින් මාර්ගයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් වීම රටේ ඒකීය භාවයට නව අභියෝගයක් විය හැකි තත්ත්වයට වර්ධනය වීමේ අනතුරක් ද මේ තුළ වෙයි.
එසේ නොවේවායි ප්‍රාර්ථනා කරන අතරම අපගේ සාතිශය සංයෝගය අඹේපිටිය පවුලේ සාමාජිකයන් වෙත පළ කිරීමටත් මෙය අවස්ථාවක් කර ගනිමු.

Google Friend Connect අලුත් වෙලා !!!

Google Friend Connect අලුත් වෙලා කියලා මම දැක්කේ අහ‍ම්බෙන්. දැන් ඒක භාවිතා කරලා වැඩ ගොඩක් කරන්න පුලුවන්.
Gadjets add කරන්න, Community Data Review කරන්න, වගේම අපිටම newsletter එකක් හදන්නත් මේක ප්‍රයෝජනයට ගතහැකි වෙයි. Gadjets හුඟක් පහසුවෙන් blogger වලට add කරන්න පුලුවන්. (තාම පාවිච්චි කරලා බැලුවේ නම් නෑ.)
Try එකක් දෙන්න. අපටත් කියන්න.


del.icio.us Tags: ,


 


 


 

18 November, 2009

ජනාධිපතිතුමාට සුභ උපන් දිනයක්

අද ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගේ 64 වන ජන්ම දිනය සමරනවා. අපි එතුමාට සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරන අතර ඉදිරි මැතිවරණය සාර්ථකව හා සාමකාමීව අවසන් කරන්නට ධෛර්යය ශක්තිය එතුමාට ලැබේ යයි ප්‍රාර්ථනා කරමු.

Microsoft Software වලින් උපරිම ප්‍රයෝජන ගනිමු.

Microsoft ලා තමන්ගේ software ව්‍යාප්තිය වැඩි කරන්න අලුත් උපක්‍රමයක් භාවිතා කරන්න අරන්.
ඒ තමයි විශ්වවිද්‍යාල හා අනෙකුත් ආයතන වල සිසුන්ට Microsoft Software නොමිලේ ලබා දීම. මෙහිදී වඩා වැඩි ප්‍රමුඛතාවක් හිමිවන්නේ Development category එකට වීමත් විශේෂත්වයක්.

මෙය අනිවාර්යයෙන්ම Microsoft Software ප්‍රචලිත කරවීමේ අරමුණින් ක්‍රියාත්මක වන්නක් වුවත් එයින් තුන්වැනි ලෝක‍යේ රටවලට ගත හැකි ප්‍රයෝජනය අපමණයි. විශේෂයෙන්ම රැකියා වෙළඳපොළේ හොඳ තරඟයක් දෙන්න වුවමනාව නිසා අපට එයින් ප්‍රයෝජන රාශියක් ගත හැකියි.
තවමත් Microsoft වලට ලෝ‍කයේ තිබෙන තැන කිසිසේත් ‍අවතක්සේරු කළ නොහැකි බව ඉතාම පැහැදිලියි.

FOSS සමඟ වන තරඟයේදී මෙන්ම Google සමාගමේ Chrome OS වැනි මෙහෙයුම් පද්ධති පවා Linux පදනම් කරගෙන දියුණු කරගෙන යන නිසා Microsoft දැන් දැන් උත්සාහ කරන්නේ කලින් මෙන් pirated copies තියෙන තැන් වටලන්න රටවල් පොළඹවනවාට වඩා ඒවා භාවිතයට වඩ වඩාත් හුරු කරවීම වැඩි වාසි අත්කරදෙන්නක් බවයි. එය BIll Gates චීනයේ pirated microsoft software වලට එරෙහිව ක්‍රියා කිරීම පමා කිරීමට ක්‍රියා කළේ චීනට open source වලට හුරුවනවාට වඩා දිගුකලක් microsoft භාවිතයට ඔවුන් හුරුකරවීමේ ආර්ථික වාසි හොඳින් හඳුනා ගනිමින් බවට සැකයක් නැත.
Microsoft වෙතින් හඳුන්වාදෙන Software for the 21st Century වැඩපිළිවෙලේ ප්‍රධාන අංශ 4ක්  දක්නට ලැබෙනවා.

ඒවා නම්,

1.MSDN Academic Alliance
2.Live@edu,
3.Dreamspark
4.Shared Source Initiative

මෙයින් උපරිම ප්‍රයෝජනය ගැනීම හා මේ පිළිබඳව හැකි සෑම කෙනෙකුට දැනුවත් කිරීම ඉතා වැදගත් බවයි මගේ හැඟීම.




 


 

16 November, 2009

Wave ගන්න පිං මදි නෑ ...


කලින් මම Wave ගන්න පිං මදි ද? කියලා දාපු post එකට පැය ගාණක් ඇතුලත respond කරලා තිබුණා ‍හුඟ දෙනෙක්. සමහර අය කලින් කිවුවේ නැත්තේ ඇයි කියලා බැනලත් තිබුණා. (අඬන්න ඕනිලුනේ කිරි එරෙන්න !!!). කොහොම හරි කිහිප දෙනෙක් එවලා තිබුණා invitations මට.


මේ මට invitations එවපු (දානපතියන්) කීප දෙනෙක්...

චමි.දේ.වා.
ඉසුරු
යූත්මැක්ස්
චතුරංග
සහන්
Blissfully Ignorant*
සු෴
*****8246c
පහන්


මේ හැමෝටම බොහොම පිං. තව කීප දෙනෙක් Wave ඉල්ලලා තිබුණා. emails දාලා තිබුණ අයට ඒවා යවන්න කියලා දෙන්න ඒ emails ටික මම අපේ WAVE දානපතියන්ට දෙන්නම්. මට ඉතින් ඔය එකක් තිබුණම මදෑ. නේද ?

මට උදව් ‍කළා වගේම ඒ අයටත් supp එකක් දේවි කියලා මම හිතනවා. (එළ කොල්ලෝ set එකක් නේ අපේ bloggersla ටික නේද? )

Thanxxx again guyz........

13 November, 2009

Wave ගන්න පිං මදිද?

del.icio.us Tags: ,

Google Wave ගන්න තියෙන ආසාව දැන් උණක් වේගෙන යනවද මන්දා… මටත් මේ උණ ටික දවසකට කලින් බෝ වෙලා තිබුණා. මොන ලෝකෙන් හරි ඒක try කරන්න chance එකක් ගන්න උවමනා වෙලා තිබුණා. අතට අහුවෙන හැම chance එකක්ම පාවිච්චි කරලා invitation එකක් ගන්න try කළා.

Techkatha වල තර‍‍‍ඟෙටත් උත්තරයක් දැම්මා. ම්හු… win කරලා නැහැ.

තව බ්ලොග් වලින් google wave ගැන කියපු කීප දෙනෙකුටත් කියලා බැලුවා. wave දානපතියෙක් ඉන්නවද කියලා…

ඒත් ඒ වැඩේ හරි ගියෙත් නෑ. අපිව බලාගන්න කවුරුවත් නෑනේ ඉතින්.

ඒ නිසා දැන් මම මේ වැඩේ අතහැරියා. Google ලගේ වුණත් ඔය හැටි ගණන් බලන්න පුලුවන් ද?